Thursday, December 18, 2014

චාරු දේහේ නුරා...














අප සදාදරණීය ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් අතින් ලියැවුනු ගීත ගොන්නට එක්වූ තවත් අපූරු ගීතයකි 'චාරු දේහේ නුරා' ගීතය. විශාරද අමරසිරි පීරිස් විසින් සංගීතවත් කර ගායනා කරනු ලබන මෙම ගීතය ජීවිතය, යෞවනය, ප්‍රේමය සහ... සෘංගාරය යන සියල්ල එකට කැටි උන ඉතා සුන්දර ගීතයකි.

Wednesday, December 10, 2014

දොඹ මලින් මලෙක රේණු තලන...!!!



ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ දොඹ මල් කිණිත්තකි. බොහෝ දෙනා දැක ඇතැයි නොසිතුව බැවින් එහි සුන්දරත්වය දැකීම පිනිස එකතු කලෙමි.

මෙම ගීතයේ අරුත කිහිප අයුරකින් තේරුම් ගත හැකිය. මා සිතනුයේ තුරුණු වියේ සිටින තරුණයින් ගේ සහ තරුණියන්ගේ සිතෙහි පවතින හැඟීම්, ඔවුන්ගේ කෙලිලොල් බව, ඔවුන් විඳින නිදහස ගෙනහැර පෑමට අප අවට පරිසරයේ උපමා රූපක යොදා ගනිමින් තරුණ තරුණියන්ගේ ජීවිතවල වසන්ත සමය පරිසරයේ වසන්ත කාලය සමඟ මුහුකොට ඉතාමත් සුන්දර අයුරින් රචිත ගීතයක් ලෙසයි.

Tuesday, December 9, 2014

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මට ද ආදරේ කියා තිබේ...!!!



අප ආදරණීය ගීපද රචක සුනිල් ආර් ගමගේ විසින් රචිත, අප අතරින් වියෝවූ ආදරණීය ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තමන් හැරගිය ඇය තවකෙකු සමඟ පෙමින් බැඳී සිටිනු දැක, ඔහුට ඇය පිලිබඳ කරන කාරුණික අවවාදයක් සමඟම තනිවූ පෙම්වතාගේ සිතේ අවදිවන මතක ආවර්ජනයන් ඔහු රිදවන අන්දමත් කදිමට කියාපාන ගීයකැයි මට සිතේ.

Wednesday, December 3, 2014

ඔබට මා ආදරය කල බව මෙතරම්...!!!

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේය පද රචනයට එච් එම් ජයවර්ධන සංගීතවත් කොට විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන මෙම ගීතය බිරිඳක තම ස්වාමියාගේ තාවකාලික වෙන්වීමෙන් පත්වන අසරණ කම, පාලුව, තනිකම ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට සමත්වූ ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

Friday, November 28, 2014

එදා මෙදා තුර..!!!

මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන් විසින් සංගීතවත්කොට ගායනා කරනු ලබන මෙම ගීතය ජීවිතයේ ඇති අවිනිශ්චිත බව, වියෝවේ ඇති කටුක බව මෙන්ම ප්‍රේමය යනු හුදු හැඟීම් සමුදායක් පමණක් නොව අප තුල ජීවත්වන අපව ජීවත් කරනව තවත් ප්‍රාණියකු තරමටම ප්‍රබල බවත් විදහා දක්වන ගීතයක් ලෙසින් මට දැනේ.

Monday, November 24, 2014

ආරාධනා....!!!



තම කුලුඳුල් චිත්‍රපටිය වන දුහුල් මලක් චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශ ගේය පද රචනාවෙන්ද, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය වියෝවේ කටුක බවත් එයින් මිනිසුන් පත්වන අසරණ ස්වභාවයත් හදවතට දැනෙන අයුරින් ඉදිරිපත් කරන ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

Friday, November 21, 2014

රන් කෙන්දෙන් බැඳ....!!!


Image result for duhul malak

විජය ධර්මශ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද දුහුල් මලක් චිත්‍රපටිය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ ශූරීන් විසින් රචිත, සරත් දසනායකයන් සංගීතවත් කොට, විශාරද  නන්දා මාලිනිය ගේ සුමධුර හඬින් අප හදවතට සමීප වන මෙම ගීතය ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් ඉදිරිපත් කරයි.

Saturday, November 15, 2014

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ...!!!


රෝහණ, සුනිල් සහ සපූ (රෝහණ වීරසිංහයන් ඔහුගේ "ගමන් මඟක්" කෘතියේ කුමාරදාස සපුතන්ත්‍රී ශුරීන් හඳුන්වන්නේ සපූ ලෙසිනි) යන ත්‍රිත්වයට පින් සිඳුවන්නට ශ්‍රිලාංකීය සුභාවිත ගීත සංචිතයට එක්වූ තවත් අපූර්ව ගීතයක් ලෙසින් පිලේ පහන ගීතය හැඳින්විය හැකිය.

Wednesday, November 12, 2014

හදේ කොතැනක හෝ හිඳී ඔබ...!!!



කුමාරදාස සපුතන්ත්‍රි විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ සුමධුර හඬින් ගැයෙන මෙම ගීතය ප්‍රේමය විප්‍රයෝගය විරහව සහ එය චක්‍රයක් ලෙසින් නැවත නැවතත් ජීවිතය වේදනාව තුලම පවත්වන්නට ගන්නා උත්සහය සියුම් ලෙස ඉදිරිපත් කරයි.

Sunday, November 9, 2014

සසර සැරි සරන තෙක් ඔබ මගේ...!!!



අති විශිෂ්ට ගීපද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගේය පද රචනාවෙන් ද ආචර්ය වික්ටර් රත්නායකයන් ගේ
සංගීතය සහ  සුගායනයෙන්ද  නිමැවුනු "ඔබෙ දෙතොල් පෙති ලිහී..." ගීතය ඉතා සුවිශේෂ ගීතයක් ලෙසින් සැලකිය හැකිය.