Thursday, December 18, 2014

චාරු දේහේ නුරා...














අප සදාදරණීය ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් අතින් ලියැවුනු ගීත ගොන්නට එක්වූ තවත් අපූරු ගීතයකි 'චාරු දේහේ නුරා' ගීතය. විශාරද අමරසිරි පීරිස් විසින් සංගීතවත් කර ගායනා කරනු ලබන මෙම ගීතය ජීවිතය, යෞවනය, ප්‍රේමය සහ... සෘංගාරය යන සියල්ල එකට කැටි උන ඉතා සුන්දර ගීතයකි.

Wednesday, December 10, 2014

දොඹ මලින් මලෙක රේණු තලන...!!!



ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ දොඹ මල් කිණිත්තකි. බොහෝ දෙනා දැක ඇතැයි නොසිතුව බැවින් එහි සුන්දරත්වය දැකීම පිනිස එකතු කලෙමි.

මෙම ගීතයේ අරුත කිහිප අයුරකින් තේරුම් ගත හැකිය. මා සිතනුයේ තුරුණු වියේ සිටින තරුණයින් ගේ සහ තරුණියන්ගේ සිතෙහි පවතින හැඟීම්, ඔවුන්ගේ කෙලිලොල් බව, ඔවුන් විඳින නිදහස ගෙනහැර පෑමට අප අවට පරිසරයේ උපමා රූපක යොදා ගනිමින් තරුණ තරුණියන්ගේ ජීවිතවල වසන්ත සමය පරිසරයේ වසන්ත කාලය සමඟ මුහුකොට ඉතාමත් සුන්දර අයුරින් රචිත ගීතයක් ලෙසයි.

Tuesday, December 9, 2014

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මට ද ආදරේ කියා තිබේ...!!!



අප ආදරණීය ගීපද රචක සුනිල් ආර් ගමගේ විසින් රචිත, අප අතරින් වියෝවූ ආදරණීය ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තමන් හැරගිය ඇය තවකෙකු සමඟ පෙමින් බැඳී සිටිනු දැක, ඔහුට ඇය පිලිබඳ කරන කාරුණික අවවාදයක් සමඟම තනිවූ පෙම්වතාගේ සිතේ අවදිවන මතක ආවර්ජනයන් ඔහු රිදවන අන්දමත් කදිමට කියාපාන ගීයකැයි මට සිතේ.

Wednesday, December 3, 2014

ඔබට මා ආදරය කල බව මෙතරම්...!!!

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේය පද රචනයට එච් එම් ජයවර්ධන සංගීතවත් කොට විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන මෙම ගීතය බිරිඳක තම ස්වාමියාගේ තාවකාලික වෙන්වීමෙන් පත්වන අසරණ කම, පාලුව, තනිකම ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට සමත්වූ ගීතයක් ලෙසින් දැක්විය හැකිය.