Sunday, September 6, 2015

කොබෙයියනේ අළු කොබෙයියනේ..




දීපිකා ප්‍රියදර්ශනී ගේ ලයාන්විත හඬින් ගැයෙන ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරන්නට යෙදුනු මෙම ගීතය කුමාර ලියනගේ විසින් පබැඳූවකි. රචකයා සතු ගැමි සංස්කෘතිය පිලිබඳ අවබෝදය සහ ඒවා තම නිර්මාණ කරනයේදී ඉතා සාර්ථක ලෙස භාවිතාවද මෙම ගී පද රචනයෙහි දකින්නට තිබේ. මෙහි කථා නායිකාව මවකි. මේ ඇයගේ විලාපයයි... 

හෝ හෝ හෝ
හෝ හෝ හෝ

ම් ම් ම්.. ම් ම්..

කොබෙයියනේ අළු කොබෙයියනේ..
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ..
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ..
කොබෙයියනේ අළු කොබෙයියනේ..

මවක් තම දරුවා තමන්ට නොදෙන්නේ මන්දැයි අළු කොබෙයියන්ගෙන් ගෙන් අසයි. දරුවන් මියයාම, දරුවන් නොලැබීමට අළු කොබෙයියන් හේතුවන බව ගැමියන්ගේ විශ්වාසයක් පැවතුණි. මේවා ඉතා බොලඳ අදහස් ලෙස බැහැර කල හැකිය. සැබැවින්ම මේවායේ සත්‍යතාවක් ඇති නොපෙනුනත් මේවායේ සංස්කෘතික වටිනාකම නම් එමටය. අප ග්‍රහණය කරගත යුත්තේ මොලයෙන් නොව හදවතිනි. එවිට ඒවායේ සුන්දරත්වය අඩුවක් නැතිවම විඳින්නට කුමාරට මෙන්ම අපටත් හැකිවන බව නොකිවමනාය.  

Sunday, August 30, 2015

අන්න බලන් සඳ රන් තැටියෙන්..

මෙම අරුත් පුන් ගීතය බෙන් සිරිමාන්න විසින් ‘කුණ්ඩලකේශී’ නාට්‍යයට ගැයූ ගීතයකි. මෙම ගීතය මෙන්ම නාට්‍ය ද මහගම සේකරයන් ගේය. මෙයට වස්ථු විෂය වන්නේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රතනාවලියේ එන කුණ්ඩලකේශී කතා පුවතයි. කතාව සැකෙවින් මෙසේය.

භද්දා නම් සිටු දුවක්‌ මරණයට ගෙන යන සොරකු කෙරේ පෙම් බැඳ මවුපියන්ට ආයාචනා කොට මසුරන් දහසක් දී ඔහු මුදා ගෙන සිය ස්වාමියා බවට පත්කොට ගත්තාය. එහෙත් ටික දිනකින් ඔහුට ඇය එපාවී ඇය මරා ආභරණ සොරාගෙන යැමට සිතා "සොඳුර, මා මරන්ට ගෙන යන ගමනේ දෙවියන්ට භාරයක්‌ වූවා. මා නුඹට ලැබුණේ ඒ නිසාය. දැන් අපි ඒ භාරය නිදහස්‌ කළ යුතු යෑයි" පවසා ඇයත් සමග ඇයව පහලට දමන්නට කන්දක් වෙත ඇය රැගෙන යන කතා පුවතකි.

Wednesday, August 26, 2015

මගේ බිසොවුනේ අසාපන්...

විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩකැයි සිතේ. එමෙන්ම එය අපූරු නිර්මාණයකි. මේ ගීතයට ඉතා සුන්දර වූත් දීර්ග වූත් පසුබිම් කතාවක් තිබේ. පද රචනයේ අදහස තවත් තීව්‍ර වන ආකාරයෙන් මෙය සංගීතවත්කොට ගායනය කරණු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගීතයේ පලමු පද කීපය මෙලෙසින් වෙයි. 

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

Saturday, August 8, 2015

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්...















ජීවිතයේ සැඳෑ සමය අභිමුව සිටින පුද්ගලයකු සිදුකරන අතීතාවර්ජනයක් පිලිබඳ කියැවෙන මෙම ගීතය සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද්දකි. ආචාර්ය දයාරත්න රණතුංගයන් මෙය සංගීතවත් කොට ගායනා කරනු ලබයි. ගීතයේ සුන්දරත්වය සේම ගීතය සැකසුනු පසු බිමද ඉතා සුන්දර නිසා එය මෙහි අවසානයේ දක්වා ඇත.    

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

Wednesday, July 22, 2015

එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට..














සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වූ මේ ලෝකයේ සදාතනික ප්‍රේමය නම් මායාවක් මැයි සිතිය හැකි වුවත් එය සැමවිටම එසේ නොවේ. ආත්ම ගනන් දිගහැරුනු ප්‍රේම වෘතාන්ත ද අපට පන්සිය පනස් ජාතකයේ පවා අසන්නට ලැබේ. නමුත් සැබෑ යථාර්ථය නම් එයට වෙනස් නිසා දෝ මන්දා ආනන්ද අමරසිරි ගේය පද රචකයානන් ට මෙසේ සිතෙයි "සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක්". නමුත් සදා කාලික නොවූ ලෝකේ හැඟීම්බර පෙම්වතකු තම පෙම්වතිය අහිමිවීම විඳින නැතිනම් විඳවන ආකාරය අප ආදරණීය ගේය පද රචක බන්දුල නානයක්කාරවසම් මෙසේ පද ගලපයි. ඉතා සංවේදී කට හඬකට උරුම කම් කියන රොහාන් ශාන්ත බුලේගොඩ රෝහණ වීරසිංහයන් ගේ සංගීතය හරහා අප සිතුම් ස්පර්ෂ කරයි.  

Saturday, July 4, 2015

ඔබේ දෑසයි.. ඔබේ දෑසයි.. (සුභා තෙරණින් ගේ කතා පුවත)














සුභාවිත ගීත ක්ශේත්‍රයේ මහගම සේකර නාමය පිලිබඳ නොදන්නා කෙනෙකු වේනම් එය පුදුමයකි ඊටත් වඩා අභාග්‍යයකි. ඔහු විසින් විවිධ පැතිකඩ ඔස්සේ රචනා කරන්නට යෙදුනු ගීත අතර "ඔබේ දෑසයි.." ගීය ද ඉතා සුන්දර මෙන්ම සාහිත්‍ය වශයෙන් ද වැදගත් වන ගීතයකි. අප හෙළයේ මහා ගාන්දර්වයානන් වන පණ්ඩිත් අමරදේව යන් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය සේකරයන් සතු භාෂාමය දැනුම මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යමයමය දැනුමද නොමදව විදහා දක්වන ගීතයකි.   

Thursday, July 2, 2015

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ..



විටෙක සිනා විලෙක පිහිනන ඔවුන් තවත් විටෙක කඳුළු ගංගාවක ගිලෙයි. ප්‍රේමයේ මල් වරුසාවට තෙමෙන ඔවුන්ම විප්‍රයෝගයේ මහා කුණාටුවෙන් තෙත බරිත වී යයි. ප්‍රේමය නම් එයමයි. තමන් මුලු හදවතින්ම පෙම්කල ඔහු හෝ ඇය හැරයාම, අද බොහෝ පෙම්වතුන් විඳ ගන්නේ හැරගිය ඔහුට හෝ ඇයට ද විඳවීමට සැලැස්වීමෙනි. නමුත් මෙම තරුණයා ඔහුට අහිමිවූ ප්‍රේමය දෙස උපේක්ෂාවෙන් බලයි. ප්‍රේමයේ සොඳුරුතම විඳීම එයම නොවේද?