Showing posts with label විශාරද ගුණදාස කපුගේ. Show all posts
Showing posts with label විශාරද ගුණදාස කපුගේ. Show all posts

Wednesday, August 26, 2015

මගේ බිසොවුනේ අසාපන්...

විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩකැයි සිතේ. එමෙන්ම එය අපූරු නිර්මාණයකි. මේ ගීතයට ඉතා සුන්දර වූත් දීර්ග වූත් පසුබිම් කතාවක් තිබේ. පද රචනයේ අදහස තවත් තීව්‍ර වන ආකාරයෙන් මෙය සංගීතවත්කොට ගායනය කරණු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගීතයේ පලමු පද කීපය මෙලෙසින් වෙයි. 

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

Tuesday, December 9, 2014

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මට ද ආදරේ කියා තිබේ...!!!



අප ආදරණීය ගීපද රචක සුනිල් ආර් ගමගේ විසින් රචිත, අප අතරින් වියෝවූ ආදරණීය ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තමන් හැරගිය ඇය තවකෙකු සමඟ පෙමින් බැඳී සිටිනු දැක, ඔහුට ඇය පිලිබඳ කරන කාරුණික අවවාදයක් සමඟම තනිවූ පෙම්වතාගේ සිතේ අවදිවන මතක ආවර්ජනයන් ඔහු රිදවන අන්දමත් කදිමට කියාපාන ගීයකැයි මට සිතේ.