Showing posts with label කේ.ඩී.කේ ධර්මවර්ධන. Show all posts
Showing posts with label කේ.ඩී.කේ ධර්මවර්ධන. Show all posts

Wednesday, January 28, 2015

මා සනසා..මා නළවා..



කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් සිංහල භාෂාවේ අලංකාර පද යෙදූ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. අප ආදරණීය මර්වින් පෙරේරා විසින් ගායනා කරනු ලබන මෙම ගීතයේ සංගීතය පුන්‍යසිරි මහවත්ත මහතා විසිනි. 

ස්ත්‍රිය, මධුවිත, රාත්‍රිය, සංගීතය එක්වූ තැන පවතින සුන්දරත්වය විග්‍රහ කරන පුරුෂයකු එම අවස්ථාව ඉදිරිපත් කිරීම මෙමෙ ගීතය හරහා ගෙනහැර දක්වයි.

Thursday, January 8, 2015

කුමරියක පා සළඔ සැලුනා...



කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් විසින් රචිත, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සංගීතයට, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මෙම ගීතය සංවේදී මෙන්ම සංකීර්ණ වූත් ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

මෙම ගීතය විවිධ අයුරින් තෙරුම් ගැනීමටත්, එමෙන්ම එය තමන් සතු ජීවිත අද්දැකීම් හරහා ස්වකීය කොට ගැනීමටත් පාඨකයාට අයිතියක් ඇත.