Showing posts with label ආචාර්ය අජන්තා රණසිංහ. Show all posts
Showing posts with label ආචාර්ය අජන්තා රණසිංහ. Show all posts

Wednesday, May 6, 2015

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..


















ආචාර්‍ය අජන්තා රණසිංහයන් ගේ තවත් එක් අග්‍රගන්‍ය ගීපද රචනාවක් ලෙස "බොල් වී අහුරු" ගීතය හැඳින්විය හැක. සරත් දසනායක ගේ සංගීතයට පණ්ඩිත් අමරදේවයන් ගේ සුමධුර හඬ මුසුව මෙම ගීතයේ අන්තර්ගත ශෝකය ද රසයක් ම කොට ඉදිරිපත් කරයි.   

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

Thursday, April 2, 2015

අපි අයෙත් හමු නොවුනා නම්...








අදටත් එදා මෙන්ම රස විඳිය හැකි, නමුත් එදා තරම් අපට ඇසෙන්නට නොලැබෙන මෙම ගීතය 70 දශකයේ බිහිවූවකි. ආචාර්ය අජන්තා රණසිංහ ගේය පද රචනයෙන් ද, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සුමධුර වූ තනුවකින් ද හැඩවූ මෙම ගීතය අප ආදරණීය සෝමතිලක ජයමහ ගායන ශිල්පියා විසින් ගායනා කරනු ලබයි.

Friday, November 21, 2014

රන් කෙන්දෙන් බැඳ....!!!


Image result for duhul malak

විජය ධර්මශ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද දුහුල් මලක් චිත්‍රපටිය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ ශූරීන් විසින් රචිත, සරත් දසනායකයන් සංගීතවත් කොට, විශාරද  නන්දා මාලිනිය ගේ සුමධුර හඬින් අප හදවතට සමීප වන මෙම ගීතය ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් ඉදිරිපත් කරයි.