Showing posts with label ආචාර්ය රෝහණ වීරසිංහ. Show all posts
Showing posts with label ආචාර්ය රෝහණ වීරසිංහ. Show all posts

Sunday, September 6, 2015

කොබෙයියනේ අළු කොබෙයියනේ..




දීපිකා ප්‍රියදර්ශනී ගේ ලයාන්විත හඬින් ගැයෙන ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරන්නට යෙදුනු මෙම ගීතය කුමාර ලියනගේ විසින් පබැඳූවකි. රචකයා සතු ගැමි සංස්කෘතිය පිලිබඳ අවබෝදය සහ ඒවා තම නිර්මාණ කරනයේදී ඉතා සාර්ථක ලෙස භාවිතාවද මෙම ගී පද රචනයෙහි දකින්නට තිබේ. මෙහි කථා නායිකාව මවකි. මේ ඇයගේ විලාපයයි... 

හෝ හෝ හෝ
හෝ හෝ හෝ

ම් ම් ම්.. ම් ම්..

කොබෙයියනේ අළු කොබෙයියනේ..
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ..
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ..
කොබෙයියනේ අළු කොබෙයියනේ..

මවක් තම දරුවා තමන්ට නොදෙන්නේ මන්දැයි අළු කොබෙයියන්ගෙන් ගෙන් අසයි. දරුවන් මියයාම, දරුවන් නොලැබීමට අළු කොබෙයියන් හේතුවන බව ගැමියන්ගේ විශ්වාසයක් පැවතුණි. මේවා ඉතා බොලඳ අදහස් ලෙස බැහැර කල හැකිය. සැබැවින්ම මේවායේ සත්‍යතාවක් ඇති නොපෙනුනත් මේවායේ සංස්කෘතික වටිනාකම නම් එමටය. අප ග්‍රහණය කරගත යුත්තේ මොලයෙන් නොව හදවතිනි. එවිට ඒවායේ සුන්දරත්වය අඩුවක් නැතිවම විඳින්නට කුමාරට මෙන්ම අපටත් හැකිවන බව නොකිවමනාය.  

Wednesday, July 22, 2015

එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට..














සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වූ මේ ලෝකයේ සදාතනික ප්‍රේමය නම් මායාවක් මැයි සිතිය හැකි වුවත් එය සැමවිටම එසේ නොවේ. ආත්ම ගනන් දිගහැරුනු ප්‍රේම වෘතාන්ත ද අපට පන්සිය පනස් ජාතකයේ පවා අසන්නට ලැබේ. නමුත් සැබෑ යථාර්ථය නම් එයට වෙනස් නිසා දෝ මන්දා ආනන්ද අමරසිරි ගේය පද රචකයානන් ට මෙසේ සිතෙයි "සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක්". නමුත් සදා කාලික නොවූ ලෝකේ හැඟීම්බර පෙම්වතකු තම පෙම්වතිය අහිමිවීම විඳින නැතිනම් විඳවන ආකාරය අප ආදරණීය ගේය පද රචක බන්දුල නානයක්කාරවසම් මෙසේ පද ගලපයි. ඉතා සංවේදී කට හඬකට උරුම කම් කියන රොහාන් ශාන්ත බුලේගොඩ රෝහණ වීරසිංහයන් ගේ සංගීතය හරහා අප සිතුම් ස්පර්ෂ කරයි.  

Thursday, July 2, 2015

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ..



විටෙක සිනා විලෙක පිහිනන ඔවුන් තවත් විටෙක කඳුළු ගංගාවක ගිලෙයි. ප්‍රේමයේ මල් වරුසාවට තෙමෙන ඔවුන්ම විප්‍රයෝගයේ මහා කුණාටුවෙන් තෙත බරිත වී යයි. ප්‍රේමය නම් එයමයි. තමන් මුලු හදවතින්ම පෙම්කල ඔහු හෝ ඇය හැරයාම, අද බොහෝ පෙම්වතුන් විඳ ගන්නේ හැරගිය ඔහුට හෝ ඇයට ද විඳවීමට සැලැස්වීමෙනි. නමුත් මෙම තරුණයා ඔහුට අහිමිවූ ප්‍රේමය දෙස උපේක්ෂාවෙන් බලයි. ප්‍රේමයේ සොඳුරුතම විඳීම එයම නොවේද?  

Monday, May 4, 2015

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...



අනේක විද සෙල්ලම් බඩු, විසිතුරු දේ වලින් තම දරුවන් සතුටු කිරීමට උත්සහ දරණ බහුතර දෙමව්පියන් ඇති අද සමාජයට නැවත වතාවක් සිතන්නට යමක් එකතු කරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. ගීතය ලිවීමේ පසුබිම සහ මෙය ගායනා කරන කරුණාරත්න දිවුල්ගනේ ගායකයානන් ද සංගීතවත් කල ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ද අදහස් අවසානයේ දක්වා ඇත.

Sunday, February 1, 2015

වන්නි වන පෙතේ


සුභාවිත ගීතය පෝෂණය කිරීමට තම ගීත රචනා තුලින් ඉමහත් මෙහෙයක් සිදුකල සහ තවමත් සිදුකරන ආදරණීය බණ්ඩාර ඇහැලියගොඩ ගේය පද රචනයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් ද රසවත් වූ මෙම ගීතය විශාරද සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරනු ලබයි.   

මීට දශක පහකට පමණ පෙර විසූ ගැමි පියවරුන් සහ ඔවුන්ගේ ජීවිත ද, ඔවුනට දාව ඉපදී නගරයේ සිරවූ ඔවුන්ගේ දරුවන් සහ ඒ අය ගතකරන ජීවිත ද, ඉතා සංවේදී ලෙස විමසීමක් සිදුකරන මෙම ගීතය, අපව අප රටේ මේ තාක් සිදුවී ඇති සාමාජීය සහ ආර්ථිකමය වෙනස්වීම් පිලිබඳව ගැඹුරින් සිතීමටද යොමු කරවයි. 

මෙම ගීතයට පසුබිම් වූ කාරණය වරක් බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් "ද නේෂන්" පුවත් පත සමඟ පැවති සාකච්ඡාවක දී පවසා තිබුනි. එය මෙම ගීතය අවසානයේ පල කර ඇත.

වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

ලංකාවේ වියලි කැලෑ ප්‍රදේශ පොදුවේ වන්නිය ලෙස හඳුන්වයි. වනපෙත යනු වනාන්තර පන්තිය, විහිදී ගිය කැලෑවයි. දනව් යනු ජනපද යන්නයි. වෙසතුරු යනු වෙස්සන්තර යන්නද සදිසි යනු සමාන යන්නද වේ. වංකගිරිය යනු බෝසතුන් වෙස්සන්තර රජු සමයේ තපස් රැකීමට ගිය වනයයි.

ඈත පිටිසර කැලෑ මායිම් වූ ගම්මාන වල ජීවත් වන්නේ, එදා වංක ගිරියේ තපස් රැකි වෙස්සන්තර රජුන් වැනි වූ පියවරුමය. දොහොත් මුදුන් කොට වන්දනා කරන්නටම වටිනා පියවරුමය. 

කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

තනිව කිසිවක් නොබුදි ගමේ නෑ නොනෑ සියල්ලන් සමඟ සියලු දේ බෙදා හදා ගෙන ජීවත් වූ ඔවුන් වෙස්සන්තර රජු වැනි නොවේද?  

නමුත් මෙවැනි වෙසතුරු වන් පියවරුන්ට ජාතක වූ දරුවන් ගම හැරදා නගරයටම කොටු වෙමින්, එහිම අවාහ විවාහ කොට ගෙන එහිම වෙසෙයි. මෙය පූරුවේ කල පවක් පලදීමක් වැනිය. ඒ මක්නිසාද යත්, 

කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

මෙසේ නගරයේ සිරවී සිටින දරුවන් ඔවුන්ගේ වෙසතුරු වැනි පියවරුන්ද, ඔව්න්ගේ පියවරුන්ද ලෙස පරම්පරා ගනනින් දන්දීමේ හුරුව ලැබී ඇතත්, ඔවුන් කෙසේ නම් තම පියවරු මෙන් දන් දෙන්නද? මාසයකට වරක් ලැබෙන වේතනය ඔවුන්ට යැපෙන්නටත් නොහැකි තරමකි. ඉතින් දන් දීමේ පුරුද්ද සහ අශාව ඇතත් කරකියා ගැනීමට නොහැකිව හොර රහසින්ම කිසිවෙකුටත් නොදීම තමන් සහ තම කුඩා පවුල පමණක්ම යැපෙයි. මෙය පූරුවේ කල පවක්ම නොවේදැයි රචකයා අප සැමගෙන්ම විමසයි. 

ආදරණීය බණ්ඩාර ඇහැලියගොඩ ශූරීනි, නොනිමි ආශාවන් පසුපස හඹා යන සමාජයක යහපත් පියවරුන් ගේ අවසාන පරම්පරා පුරුකක හිමිකරුවන් වූ ඔබ වැනි පුතනුවන් තවමත් පව්කාර නොවේ. නමුත් තවත් පරම්පරා කීපයකට පසුව ඉපැදෙන මුනුබුරන් මීමුනුබුරන් කෙතරම් නම් අසරණ ද?

මෙම ගීතය ලිවීමට පාදක වී ඇත්තේ බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ පියාගේ අවමන්ගල්‍යයයි. ඔහුගේ පියාගේ අවමගුලට පැමිණි පිරිස්, ඔහුගේ පියා මුලු ගමටම කෑම බීම බෙදා දුන් අයකු බව පවසන ලදී. ඔහුගේ පියා ගොවියකු නිසා එසේ කිරීමට හැකි උවත් ඔහු වැනි රජයේ සේවකයකු කෙසේ නම් ඔහුගේ පියා මෙන් දන් දෙන්න දැයි සිතට නැගුණු සිතිවිල්ලේ නිර්මාණයයි මේ... 

  






Wednesday, December 10, 2014

දොඹ මලින් මලෙක රේණු තලන...!!!



ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ දොඹ මල් කිණිත්තකි. බොහෝ දෙනා දැක ඇතැයි නොසිතුව බැවින් එහි සුන්දරත්වය දැකීම පිනිස එකතු කලෙමි.

මෙම ගීතයේ අරුත කිහිප අයුරකින් තේරුම් ගත හැකිය. මා සිතනුයේ තුරුණු වියේ සිටින තරුණයින් ගේ සහ තරුණියන්ගේ සිතෙහි පවතින හැඟීම්, ඔවුන්ගේ කෙලිලොල් බව, ඔවුන් විඳින නිදහස ගෙනහැර පෑමට අප අවට පරිසරයේ උපමා රූපක යොදා ගනිමින් තරුණ තරුණියන්ගේ ජීවිතවල වසන්ත සමය පරිසරයේ වසන්ත කාලය සමඟ මුහුකොට ඉතාමත් සුන්දර අයුරින් රචිත ගීතයක් ලෙසයි.

Monday, November 24, 2014

ආරාධනා....!!!



තම කුලුඳුල් චිත්‍රපටිය වන දුහුල් මලක් චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශ ගේය පද රචනාවෙන්ද, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය වියෝවේ කටුක බවත් එයින් මිනිසුන් පත්වන අසරණ ස්වභාවයත් හදවතට දැනෙන අයුරින් ඉදිරිපත් කරන ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

Saturday, November 15, 2014

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ...!!!


රෝහණ, සුනිල් සහ සපූ (රෝහණ වීරසිංහයන් ඔහුගේ "ගමන් මඟක්" කෘතියේ කුමාරදාස සපුතන්ත්‍රී ශුරීන් හඳුන්වන්නේ සපූ ලෙසිනි) යන ත්‍රිත්වයට පින් සිඳුවන්නට ශ්‍රිලාංකීය සුභාවිත ගීත සංචිතයට එක්වූ තවත් අපූර්ව ගීතයක් ලෙසින් පිලේ පහන ගීතය හැඳින්විය හැකිය.

Wednesday, November 12, 2014

හදේ කොතැනක හෝ හිඳී ඔබ...!!!



කුමාරදාස සපුතන්ත්‍රි විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ සුමධුර හඬින් ගැයෙන මෙම ගීතය ප්‍රේමය විප්‍රයෝගය විරහව සහ එය චක්‍රයක් ලෙසින් නැවත නැවතත් ජීවිතය වේදනාව තුලම පවත්වන්නට ගන්නා උත්සහය සියුම් ලෙස ඉදිරිපත් කරයි.