අපේ හදවත් වල සදා රැඳුනු ගීත රචනා ගනනාවකම පද රචකයානන් වූ ලූෂන් බුලත්සිංහල අතින් ලියැවුනු "සිරියහනේ ලණු ඉහිරී.." ගීතය තවත් එක් සුවිසේශී ගීතයකි. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කරන මෙහි මියුරු සංගීතය එම්.එම්.ජයවර්ධනයන් ගේය.
Tuesday, May 19, 2015
Wednesday, May 6, 2015
බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..
ආචාර්‍ය අජන්තා රණසිංහයන් ගේ තවත් එක් අග්‍රගන්‍ය ගීපද රචනාවක් ලෙස "බොල් වී අහුරු" ගීතය හැඳින්විය හැක. සරත් දසනායක ගේ සංගීතයට පණ්ඩිත් අමරදේවයන් ගේ සුමධුර හඬ මුසුව මෙම ගීතයේ අන්තර්ගත ශෝකය ද රසයක් ම කොට ඉදිරිපත් කරයි.
බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..
Monday, May 4, 2015
මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...
අනේක විද සෙල්ලම් බඩු, විසිතුරු දේ වලින් තම දරුවන් සතුටු කිරීමට උත්සහ දරණ බහුතර දෙමව්පියන් ඇති අද සමාජයට නැවත වතාවක් සිතන්නට යමක් එකතු කරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. ගීතය ලිවීමේ පසුබිම සහ මෙය ගායනා කරන කරුණාරත්න දිවුල්ගනේ ගායකයානන් ද සංගීතවත් කල ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ද අදහස් අවසානයේ දක්වා ඇත.