Wednesday, July 22, 2015

එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට..














සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වූ මේ ලෝකයේ සදාතනික ප්‍රේමය නම් මායාවක් මැයි සිතිය හැකි වුවත් එය සැමවිටම එසේ නොවේ. ආත්ම ගනන් දිගහැරුනු ප්‍රේම වෘතාන්ත ද අපට පන්සිය පනස් ජාතකයේ පවා අසන්නට ලැබේ. නමුත් සැබෑ යථාර්ථය නම් එයට වෙනස් නිසා දෝ මන්දා ආනන්ද අමරසිරි ගේය පද රචකයානන් ට මෙසේ සිතෙයි "සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක්". නමුත් සදා කාලික නොවූ ලෝකේ හැඟීම්බර පෙම්වතකු තම පෙම්වතිය අහිමිවීම විඳින නැතිනම් විඳවන ආකාරය අප ආදරණීය ගේය පද රචක බන්දුල නානයක්කාරවසම් මෙසේ පද ගලපයි. ඉතා සංවේදී කට හඬකට උරුම කම් කියන රොහාන් ශාන්ත බුලේගොඩ රෝහණ වීරසිංහයන් ගේ සංගීතය හරහා අප සිතුම් ස්පර්ෂ කරයි.  

Saturday, July 4, 2015

ඔබේ දෑසයි.. ඔබේ දෑසයි.. (සුභා තෙරණින් ගේ කතා පුවත)














සුභාවිත ගීත ක්ශේත්‍රයේ මහගම සේකර නාමය පිලිබඳ නොදන්නා කෙනෙකු වේනම් එය පුදුමයකි ඊටත් වඩා අභාග්‍යයකි. ඔහු විසින් විවිධ පැතිකඩ ඔස්සේ රචනා කරන්නට යෙදුනු ගීත අතර "ඔබේ දෑසයි.." ගීය ද ඉතා සුන්දර මෙන්ම සාහිත්‍ය වශයෙන් ද වැදගත් වන ගීතයකි. අප හෙළයේ මහා ගාන්දර්වයානන් වන පණ්ඩිත් අමරදේව යන් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය සේකරයන් සතු භාෂාමය දැනුම මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යමයමය දැනුමද නොමදව විදහා දක්වන ගීතයකි.   

Thursday, July 2, 2015

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ..



විටෙක සිනා විලෙක පිහිනන ඔවුන් තවත් විටෙක කඳුළු ගංගාවක ගිලෙයි. ප්‍රේමයේ මල් වරුසාවට තෙමෙන ඔවුන්ම විප්‍රයෝගයේ මහා කුණාටුවෙන් තෙත බරිත වී යයි. ප්‍රේමය නම් එයමයි. තමන් මුලු හදවතින්ම පෙම්කල ඔහු හෝ ඇය හැරයාම, අද බොහෝ පෙම්වතුන් විඳ ගන්නේ හැරගිය ඔහුට හෝ ඇයට ද විඳවීමට සැලැස්වීමෙනි. නමුත් මෙම තරුණයා ඔහුට අහිමිවූ ප්‍රේමය දෙස උපේක්ෂාවෙන් බලයි. ප්‍රේමයේ සොඳුරුතම විඳීම එයම නොවේද?  

Tuesday, May 19, 2015

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ..













අපේ හදවත් වල සදා රැඳුනු  ගීත රචනා ගනනාවකම පද රචකයානන් වූ ලූෂන් බුලත්සිංහල අතින් ලියැවුනු "සිරියහනේ ලණු ඉහිරී.." ගීතය තවත් එක් සුවිසේශී ගීතයකි. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කරන මෙහි මියුරු සංගීතය එම්.එම්.ජයවර්ධනයන් ගේය.  

Wednesday, May 6, 2015

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..


















ආචාර්‍ය අජන්තා රණසිංහයන් ගේ තවත් එක් අග්‍රගන්‍ය ගීපද රචනාවක් ලෙස "බොල් වී අහුරු" ගීතය හැඳින්විය හැක. සරත් දසනායක ගේ සංගීතයට පණ්ඩිත් අමරදේවයන් ගේ සුමධුර හඬ මුසුව මෙම ගීතයේ අන්තර්ගත ශෝකය ද රසයක් ම කොට ඉදිරිපත් කරයි.   

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

Monday, May 4, 2015

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...



අනේක විද සෙල්ලම් බඩු, විසිතුරු දේ වලින් තම දරුවන් සතුටු කිරීමට උත්සහ දරණ බහුතර දෙමව්පියන් ඇති අද සමාජයට නැවත වතාවක් සිතන්නට යමක් එකතු කරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. ගීතය ලිවීමේ පසුබිම සහ මෙය ගායනා කරන කරුණාරත්න දිවුල්ගනේ ගායකයානන් ද සංගීතවත් කල ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ද අදහස් අවසානයේ දක්වා ඇත.

Thursday, April 2, 2015

අපි අයෙත් හමු නොවුනා නම්...








අදටත් එදා මෙන්ම රස විඳිය හැකි, නමුත් එදා තරම් අපට ඇසෙන්නට නොලැබෙන මෙම ගීතය 70 දශකයේ බිහිවූවකි. ආචාර්ය අජන්තා රණසිංහ ගේය පද රචනයෙන් ද, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සුමධුර වූ තනුවකින් ද හැඩවූ මෙම ගීතය අප ආදරණීය සෝමතිලක ජයමහ ගායන ශිල්පියා විසින් ගායනා කරනු ලබයි.