ජීවිතයේ සැඳෑ සමය අභිමුව සිටින පුද්ගලයකු සිදුකරන අතීතාවර්ජනයක් පිලිබඳ කියැවෙන මෙම ගීතය සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද්දකි. ආචාර්ය දයාරත්න රණතුංගයන් මෙය සංගීතවත් කොට ගායනා කරනු ලබයි. ගීතයේ සුන්දරත්වය සේම ගීතය සැකසුනු පසු බිමද ඉතා සුන්දර නිසා එය මෙහි අවසානයේ දක්වා ඇත.
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා






