ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයානන්ගේ තවත් එක් අමරණීය ගීතයක් ලෙස සුන්දර මෙන්ම අර්ථපූර්න වූ මෙම ගීතය හැඳින්විය හැකිය. ආචාර්ය වික්ටර් රත්නායක විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය, එදාටත් වඩා වර්තමාන සමාජයට වැදගත් බව පෙනේ.
Thursday, February 5, 2015
Sunday, February 1, 2015
වන්නි වන පෙතේ
සුභාවිත ගීතය පෝෂණය කිරීමට තම ගීත රචනා තුලින් ඉමහත් මෙහෙයක් සිදුකල සහ තවමත් සිදුකරන ආදරණීය බණ්ඩාර ඇහැලියගොඩ ගේය පද රචනයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් ද රසවත් වූ මෙම ගීතය විශාරද සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරනු ලබයි.
මීට දශක පහකට පමණ පෙර විසූ ගැමි පියවරුන් සහ ඔවුන්ගේ ජීවිත ද, ඔවුනට දාව ඉපදී නගරයේ සිරවූ ඔවුන්ගේ දරුවන් සහ ඒ අය ගතකරන ජීවිත ද, ඉතා සංවේදී ලෙස විමසීමක් සිදුකරන මෙම ගීතය, අපව අප රටේ මේ තාක් සිදුවී ඇති සාමාජීය සහ ආර්ථිකමය වෙනස්වීම් පිලිබඳව ගැඹුරින් සිතීමටද යොමු කරවයි.
මෙම ගීතයට පසුබිම් වූ කාරණය වරක් බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් "ද නේෂන්" පුවත් පත සමඟ පැවති සාකච්ඡාවක දී පවසා තිබුනි. එය මෙම ගීතය අවසානයේ පල කර ඇත.
වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..
ලංකාවේ වියලි කැලෑ ප්‍රදේශ පොදුවේ වන්නිය ලෙස හඳුන්වයි. වනපෙත යනු වනාන්තර පන්තිය, විහිදී ගිය කැලෑවයි. දනව් යනු ජනපද යන්නයි. වෙසතුරු යනු වෙස්සන්තර යන්නද සදිසි යනු සමාන යන්නද වේ. වංකගිරිය යනු බෝසතුන් වෙස්සන්තර රජු සමයේ තපස් රැකීමට ගිය වනයයි.
ඈත පිටිසර කැලෑ මායිම් වූ ගම්මාන වල ජීවත් වන්නේ, එදා වංක ගිරියේ තපස් රැකි වෙස්සන්තර රජුන් වැනි වූ පියවරුමය. දොහොත් මුදුන් කොට වන්දනා කරන්නටම වටිනා පියවරුමය.
කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
තනිව කිසිවක් නොබුදි ගමේ නෑ නොනෑ සියල්ලන් සමඟ සියලු දේ බෙදා හදා ගෙන ජීවත් වූ ඔවුන් වෙස්සන්තර රජු වැනි නොවේද?
නමුත් මෙවැනි වෙසතුරු වන් පියවරුන්ට ජාතක වූ දරුවන් ගම හැරදා නගරයටම කොටු වෙමින්, එහිම අවාහ විවාහ කොට ගෙන එහිම වෙසෙයි. මෙය පූරුවේ කල පවක් පලදීමක් වැනිය. ඒ මක්නිසාද යත්,
කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..
මෙසේ නගරයේ සිරවී සිටින දරුවන් ඔවුන්ගේ වෙසතුරු වැනි පියවරුන්ද, ඔව්න්ගේ පියවරුන්ද ලෙස පරම්පරා ගනනින් දන්දීමේ හුරුව ලැබී ඇතත්, ඔවුන් කෙසේ නම් තම පියවරු මෙන් දන් දෙන්නද? මාසයකට වරක් ලැබෙන වේතනය ඔවුන්ට යැපෙන්නටත් නොහැකි තරමකි. ඉතින් දන් දීමේ පුරුද්ද සහ අශාව ඇතත් කරකියා ගැනීමට නොහැකිව හොර රහසින්ම කිසිවෙකුටත් නොදීම තමන් සහ තම කුඩා පවුල පමණක්ම යැපෙයි. මෙය පූරුවේ කල පවක්ම නොවේදැයි රචකයා අප සැමගෙන්ම විමසයි.
ආදරණීය බණ්ඩාර ඇහැලියගොඩ ශූරීනි, නොනිමි ආශාවන් පසුපස හඹා යන සමාජයක යහපත් පියවරුන් ගේ අවසාන පරම්පරා පුරුකක හිමිකරුවන් වූ ඔබ වැනි පුතනුවන් තවමත් පව්කාර නොවේ. නමුත් තවත් පරම්පරා කීපයකට පසුව ඉපැදෙන මුනුබුරන් මීමුනුබුරන් කෙතරම් නම් අසරණ ද?
මෙම ගීතය ලිවීමට පාදක වී ඇත්තේ බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ පියාගේ අවමන්ගල්‍යයයි. ඔහුගේ පියාගේ අවමගුලට පැමිණි පිරිස්, ඔහුගේ පියා මුලු ගමටම කෑම බීම බෙදා දුන් අයකු බව පවසන ලදී. ඔහුගේ පියා ගොවියකු නිසා එසේ කිරීමට හැකි උවත් ඔහු වැනි රජයේ සේවකයකු කෙසේ නම් ඔහුගේ පියා මෙන් දන් දෙන්න දැයි සිතට නැගුණු සිතිවිල්ලේ නිර්මාණයයි මේ...
Wednesday, January 28, 2015
මා සනසා..මා නළවා..

කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් සිංහල භාෂාවේ අලංකාර පද යෙදූ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. අප ආදරණීය මර්වින් පෙරේරා විසින් ගායනා කරනු ලබන මෙම ගීතයේ සංගීතය පුන්‍යසිරි මහවත්ත මහතා විසිනි.
ස්ත්‍රිය, මධුවිත, රාත්‍රිය, සංගීතය එක්වූ තැන පවතින සුන්දරත්වය විග්‍රහ කරන පුරුෂයකු එම අවස්ථාව ඉදිරිපත් කිරීම මෙමෙ ගීතය හරහා ගෙනහැර දක්වයි.
Thursday, January 8, 2015
Thursday, December 18, 2014
Wednesday, December 10, 2014
දොඹ මලින් මලෙක රේණු තලන...!!!

ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ දොඹ මල් කිණිත්තකි. බොහෝ දෙනා දැක ඇතැයි නොසිතුව බැවින් එහි සුන්දරත්වය දැකීම පිනිස එකතු කලෙමි.
මෙම ගීතයේ අරුත කිහිප අයුරකින් තේරුම් ගත හැකිය. මා සිතනුයේ තුරුණු වියේ සිටින තරුණයින් ගේ සහ තරුණියන්ගේ සිතෙහි පවතින හැඟීම්, ඔවුන්ගේ කෙලිලොල් බව, ඔවුන් විඳින නිදහස ගෙනහැර පෑමට අප අවට පරිසරයේ උපමා රූපක යොදා ගනිමින් තරුණ තරුණියන්ගේ ජීවිතවල වසන්ත සමය පරිසරයේ වසන්ත කාලය සමඟ මුහුකොට ඉතාමත් සුන්දර අයුරින් රචිත ගීතයක් ලෙසයි.
Tuesday, December 9, 2014
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මට ද ආදරේ කියා තිබේ...!!!
අප ආදරණීය ගීපද රචක සුනිල් ආර් ගමගේ විසින් රචිත, අප අතරින් වියෝවූ ආදරණීය ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තමන් හැරගිය ඇය තවකෙකු සමඟ පෙමින් බැඳී සිටිනු දැක, ඔහුට ඇය පිලිබඳ කරන කාරුණික අවවාදයක් සමඟම තනිවූ පෙම්වතාගේ සිතේ අවදිවන මතක ආවර්ජනයන් ඔහු රිදවන අන්දමත් කදිමට කියාපාන ගීයකැයි මට සිතේ.



.jpg)

