කුමාරදාස සපුතන්ත්‍රි විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ සුමධුර හඬින් ගැයෙන මෙම ගීතය ප්‍රේමය විප්‍රයෝගය විරහව සහ එය චක්‍රයක් ලෙසින් නැවත නැවතත් ජීවිතය වේදනාව තුලම පවත්වන්නට ගන්නා උත්සහය සියුම් ලෙස ඉදිරිපත් කරයි.
විරහ වේදනාව අප සැමට පොදු වූවකි. මෙමෙ ගීතය සුනිල් එදිරිසිංහ ගායනා කරන නිසාම අපට මෙම ගීතය සමීප වී ඇත්තේ මෙය පෙම්වතෙකු සිය වේදනාව ඉදිරිපත් කිරීමක් ලෙසිනි.
නමුත් රචකයා මේ පිළිබඳව කිසිඳු ඉඟියක් නොදෙයි. එය එක්තරා ආකාරයකට මෙමෙ ගීතය මෙතරම් ජනප්‍රිය වන්නටත් එය හේතු වූවා වියහැක. මන්දයත් මෙය තමාගේම අත්දැකීමක් කොට ගැනීමට අප සැමට පවතිනා වැඩි අවස්ථාවයි.
නමුත් විග්‍රහයේ පහසුව වෙනුවෙන් අපි මෙය පෙම්වතෙකු පවසන කතාවක් ලෙසින් දිගහරිමු. ඔහු අමතන්නේ වෙන්වි ගිය ඇයට නොවීමද මෙම ගීතයේ ඇති සුවිශේෂ බවකි.
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්...
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙලයි මා මුදා සුව දැහැනින්....
ඔහුගේ හදවතෙහි ඇය ත්වමත් ලැගුම් ගෙන ඇත.ඒ කොහේ කොතැනක දැයි ඔහු නොදනී. ඇය සිටින බව ඔහු දන්නේ... ඔහු සොම්නසින් යුතු ප්‍රීතිමත්ම අවස්ථාවන් බලා ඔහුගේ සිනහව රැහනකින් බැඳ ඔහු පසුවූ සුවදායක දැහනින් මුදවා දමන්නට ඇය පෙලඹෙන බැවිනි.
සත්තකින්ම විඳවීමේ ඇරඹුම ඇය නමුත්, එය ජීවත් කරවන්නේ ඔහුගේ ඇය වෙනුවෙන් තවමත් පවතින ප්‍රේමයයි.
සයුර ඉම රත් සිතිජ රේඛාවේ...
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ...
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද.....
තනිවෙනා මොහොතේ....
ලෝකයම අඳුරේ ගිල්වමින් සිතිජයෙන් මියෙදෙන හිරු ලෙසින්, ඔහුගේ ජීවිතය අඳුරට හැරදා මියෙදෙන්නට හැර ඇය නික්ම ගොස් ඇත. නමුත් ඔහු එයටත් වඩා විඳවන්නේ ඔහුව හැරදා ගිය ඇය නිසා නොව, ඔහු තුල ජීවත්වන තනිවන හැමවිටම ඔහු දවන ඇය නිසාය.
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්....
සහස් සුවහස් පැතුම් බලමහිමෙන්...
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්......
ඔබ මැකී යනු මතකෙන්.....
ඇය ජීවත් වන්නේ ඔහු තුලය, ඔහුගේ මතකයන් තුලය, හැරගිය ඇය වෙනුවෙන් ඔහු තවදුරටත් නොවැලපෙනවා වන්නට පිලිවෙන. නමුත් ඔහුගේ මතකයන් තුල ජීවත්වන ඇය වෙනුවෙන් ඔහු තවමත් වෙලපෙයි.
අපේම මතකයන් අප රිදවමින් හඬවමින් අපව අසරණ කරන අවස්ථාවන් මෙතෙකැයි කිව නොහැක. ජීවිතයේ එවැනි තත්වයකට පත්ව ඇති පුද්ගලයකු පාදක කොට ලියෙවුනු මෙම ගීතය ඔහුගේ හැගීම් ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට සමත්වී ඇත.
ඔහුගේ අවසාන අයාචනයෙන් අපි මෙය නිමා කරමු....
ඔබ මැකී යනු මතකෙන්.....!!!
0 comments:
Post a Comment